බලහත්කාරයෙන් මාව පන්නා දමන්න බෑ – විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනොත් මම යනවා..! අගමැති මහින්ද කියයි

15

බලහත්කාරයෙන් තමා පළවා හැරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) පස්වරුවේ වීරකැටිය කසාගල පුරාණ විහාරයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තමන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුකූලව සම්මත කරන්නේනම් තමා ධූරය අතහැරීමට සූදානම් බවයි. එසේම තමාගේ ධූරය වෙනස් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

මේ අතර අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුකූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග 12 ක් සඳහන් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ අනුව 2018 අප්‍රේල් මාසයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය ඉදිරිපත් කළ ආකාරයටම අදාළ විශ්වාසභංගය ඉදිරිපත් කළ යුතුව ඇති බව එහි සඳහන්.

Comments