ICC ක්‍රිකට් නීති අලුත් කරයි

2

SafeValue must use [property]=binding:

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක, සුපිරි පන්දුවාරයකදී කණ්ඩායමක තරග ජය තීරණය කිරීමේ නීති සංශෝධනය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) තීරණය කරා.

ඒ, ඩුබායි නුවරදී නිමා වූ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික කමිටු රැස්වීමේදී .

ලෝක කුසලාන තරගාවලියකදී ලකුණු සමවීමක් සිදු වුවහොත් තරගයේ ජයග්‍රාහකයා තේරීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීම ඉදිරියටත් පවත්වා ගෙන යාමට අන්තර්ජාතික ක්‍රිකට් කමිටුව සිදු කළ නිර්දේශය සඳහා අයි.සී.සී විධායක කමිටුව එකඟතාවය පළ කළා.

ඒ අනුව පන්දුවාර T20 සහ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක මූලික වටයේ තරගවලදී සුපිරි පන්දුවාරය ද ලකුණු සමවීමකින් අවසන් වුවහොත් එම තරග ලකුණු සම වීමෙන් අවසන් වූ තරග ලෙස ජය පරාජයකින් තොරව නිමා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීට පෙර සුපිරි පන්දුවාරයක් සම වීමේ දී සිදු කෙරුණේ කණ්ඩායම් දෙක ලබා ගත් හතරේ පහර සංඛ්‍යාව අනුව තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීමයි

Comments