fill – t සහ කීර්ති පැස්කුවල් අතර ගැටුමක්

7

fill – t නැමති ගායන ශිල්පියාගේ සහ හසිනි සැමුවෙල් නැමති නිරූපිකාවගේ මියුසික් වීඩියෝවක් නිසා මේ දිනවල සමාජ මාධ්‍ය තුළ උණුසුම් වාතාවරණයක් මතු වී තිබෙනවා.

fill – tගේ මේ මියුසික් වීඩියෝව යූ – ටියුබ් සමාජ මාධ්‍ය තුළින් ඉවත් කර ඇති බව හසිනි සැමුවෙල් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා සිටියා.

නමුත් මේ වනවිට එම ආන්දෝලනාත්මක වීඩියෝව යූ – ටියුබ් හි දක්නට ලැබෙනවා. මේ පිළිබඳව කීර්ති පැස්කුවෙල් මහතා ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබෙනවා.

ඒ fill – tගේ ෆේස්බුක් ගිණුමේ කීර්ති පැස්කුවෙල් මහතාගේ නම සඳහන් කරමින් යෙදූ සටහනකට පිළිතුරක් වශයෙන්.

කෙසේ වෙතත් මේ තිදෙනා අතර මේ වනවිට ගැටුමක් නිර්මාණය වී තිබෙන බවට ඇතැමුන් පවසනවා.

Comments