656,641 ක් ලියන සාමාන්‍ය පෙළ

8

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භවීමට නියමිතයි.

මෙවර විභාගයට අපේක්ෂකයින් 656,641 ක් පෙනී සිටින අතර එය මධ්‍යස්ථාන 4661 කදී මෙවර විභාගය පැවැත්වෙනු ඇති.

ලබන 12 වැනි දා දක්වා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමේදී විභාග ශාලාවට ජංගම දුරකතන, ස්මාට් වොච් රැගෙන ඒම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පුජිත පවසයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

Comments