2018 වසරේ වැඩිම ඉල්ලුම තාමත් පාසල් යන ප්‍රියා ට

1

මේ වසරේ ඉන්දීය සිනමාව තුළ චරිත රැසක් බොහෝ දෙනා අතර කතා බහට ලක්වූවා.

ඒ අතරින් වැඩිම පිරිසක් අන්තර්ජාලයේ සෙවූ චරිතය වන්නේ, Oru Addar Love චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ ප්‍රියා ප්‍රකාශ් බව ගූගල් ආයතනයේ ඉන්දියාවේ පිහිටි කාර්යාලය පසුගියදා නිවේදනය කර තිබෙනවා.

Oru Addar Love නම් මලයාලම් චිත්‍රපටයේ ඇසක් ගසා කරන්නා වූ ඉඟිය එක් රැයකින් ලොව පුරාම ජනප්‍රිය වුණා.

19 හැවිරිදි ප්‍රියා කේරළයේ ත්‍රිසුර්හි විමලා විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන සිසුවියක්.

මෙහි දෙවැනි ස්ථානය ප්‍රියංකාගේ සැමියා වන ඇමෙරිකානු පොප් ගායක නික් ජෝනාස්ටයි.

තෙවැනි ස්ථානය සප්නා චෞද්‍රිහටත් සිව්වැනි ස්ථානය ප්‍රියංකා චොප්රා සහ පස් වැනි ස්ථානය සෝනම් කපූර්ගේ සැමියා ආනන්ද් අහූජාහට හිමිව තිබෙනවා.

Comments