හැමෝම නොදන්න පියුමිගේ පැටිකිරිය එළියට

102

මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වූ චරිතයක් වන පියුමි හංසමාලි තමන් ගැන කියපු සුවිශේෂ කතාව පහතින්.

මිනිස්සු මොඩ්ල් කෙනෙක් කියන්නේ ලස්සන රූපයක් මිසක් එතනින් එහාට දෙයක් නැති කෙනෙක් කියලා හිතන්නේ ගොඩක් වෙලාවට නිරූපණ ක්ෂේත්‍රය ගැන තියෙන නොදැනුවත්කමට. මොඩ්ල්කෙනෙක්ට ලස්සන ‍ෆිගර් එකක්, මොඩ්ලින් වලට හරියන රූපයක් තියෙන්න ඕන. ඒ වගේමමොඩ්ලින් වලට හොඳ හැකියාවක් තියෙන්න ඕන. හොඳ වෘත්තිය භාවයක් තියෙන්න ඕන.

හැබැයි මිනිස්සුන්ට වැරදි ප්‍රතිරූපයක් මේ ගැන මැවෙන්න තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි මේ කාලේ යන ‍රැල්ල. මේ ලඟදීමොඩ්ලින්ෆීල්ඩ් එකට ඇවිත් තියෙනවා හචාබචා කීප දෙනෙක්. මේ අය කරන වැඩ නිසා ඇත්තටම නිරූපණ ක්ෂේත්‍රයේ නම කැත වෙලා තියෙනවා. ඒ කාලේ ගත්තොත් රොසෑන් ඩයස්, රොෂෙල්ප්ලැන්කට්, නදීකා පෙරේරා වගේ නිරූපිකාවෝ ජාත්‍යන්තර තලයට පවා ගිහින්, ලංකාවේ නම ජාත්‍යන්තරයේ පවා සලකුණු කරලා, නිරූපණ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ නම ඔසවලා තියන්නට සමත් වුනා. ඒ අය තාමත් ෆීල්ඩ් එකේ ඉන්නවා. හැබැයි මෑතකාලීනවෆීල්ඩ් එකට ආපු කොටසක් ඉන්නවා. මේ අය මොඩ්ලින් වලට ආපු ගමන් ඕන කරන්නේ ක්‍රවුන් එකක් ගන්න. ඒක සල්ලි වියදම් කරලා හරි කරගන්න ලෑස්ති වෙලා ඉන්නේ.

තව කාරණයක්. සමහර වෙලාවට මොඩ්ලින් කියන නමට මුවා වෙලා වෙනත් ‍රැකියා කරන අය ඉන්නවා. ඒ කියන්නේ අභිසාරිකාවෝ විදියට කටයුතු කරන අය. මේ අයත් ඇහුවහම කියන්නේ අපි මොඩ්ල්ස්ලා කියලා. මේ හේතු නිසාත් ගොඩක් වෙලාවට සමස්තයක් විදියට මොඩ්ල්ස්ලාදිහා මිනිස්සු වැරදියට බලන්නේ.

අලුතෙන් එන ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මියුසික් වීඩියෝ එකක් කළහම, ෆොටෝෂූට් එකක් කළහම, වුවමනාවෙන්මෆොටෝස් ටිකක් ලීක්කරගත්තහම තමන් මොඩ්ල් කෙනෙක් කියලා. හැබැයි ඒ අයට පැවැත්මක් නෑ. කවදාවත් ක්ෂේත්‍රයේ පිළිගැනීමක් ලැබෙන්නේ නෑ. ෆොටෝෂූට් එකක් කරපු පළියට කෙනෙක්ටමොඩ්ල් කෙනෙක් කියන්න බෑ. මම නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ රොසෑන් ඩයස්ගේ ඇකඩමි එක හරහා. අපිටමොඩ්ල් කරන්න, ඇවිදින්න රොසෑන් ඉගැන්නුවේ කකුල් වලට ගහ ගහා. එහෙම තමයි අපි මෝස්තර නිරූපණය කියන ආට් එක ඉගෙනගත්තේ. හැබැයි දැන් එන ෆොටෝෂූට් එකක් කරලා, ෆොටෝස් ටික ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් දාලා මොඩ්ල්ස්ලා වෙන අය මොඩ්ලින්ග් හරි විදියට ඉගෙන ගන්න උත්සාහ කරන්නේ නෑ. අන්න එතන තමයි ප්‍රශ්නය තියෙන්නේ.

හැබැයි ගොඩක් දෙනෙක් මාවත් විවේචනය කරනවා. ගොඩක් වෙලාවට මට නැගෙන විවේචනයක් තමයි මම ඇඳුම් පැළඳුම් කරන්නේ ඔක්කොම එළියේ දාගෙන කියලා. පියුමි හංසමාලි එදා ඉඳලම ඇඳුම් පැළඳුම් කළේ එයාගේ විදියට. තැනට සුදුසු විදියට එයා අඳිනවා. ඒක කෙනෙක් ‘ඔක්කොම එළියේ දාගෙන අඳිනවා’ කියලා හිතන්න පුලුවන්. හැබැයි පියුමි හංසමාලි මොඩ්ල් කෙනෙක් වෙන්නේ ‘ඔක්කොම එළියේ දාගෙන’ ඇඳුම් පැළඳුම් කරන නිසා නෙවෙයි. එහෙම මොඩ්ල් කෙනෙක් වෙන්න බෑ. පියුමි හංසමාලි මොඩ්ල්ස්කූල් එකකට ගිහිල්ලා, ක්‍රමානුකූලවඉගෙනගෙන තමයි ෆීල්ඩ් එකට එන්නේ. ඊට පස්සේ පියුමි හංසමාලි ටෙලිඩ්‍රාමාස් කරලා තියෙනවා, ස්වර්ණවාහිනියේ අවුරුදු දෙකක් ලයිව් වැඩසටහන් වල නිවේදන කටයුතු කරලා තියෙනවා. චිත්‍රපටි කරලා තියෙනවා. විදෙස් චිත්‍රපටි වලට දායක වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බැහැ කියලයි. ඇත්තටම මට මූණට නම් කිසිම කෙනෙක් මේ වෙනකල් දෙයක් කියලා නෑ. ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය වල තමයි ඔය විවේචනයන් තියෙන්නේ.

දැන් ගොඩක් අය කියනවා දරුවන්ට එයාලා ආස දේවල් කරන්න, එයාලා කැමති දේවල් ‍තෝරගන්න ඉඩ දෙන්න කියලා. හැබැයි මගෙන් නම් ඒක බලාපොරොත්තු වෙන්න ලැබෙන්නේ නෑ. මගේ පුතා හැදෙන්න ඕන මට ඕන විදියට. එයාට ස්වාධීනව තීරණ ගන්න පුලුවන් තරමට ජීවිතේමුහුකුරායනකල් එයා නිර්මාණය වෙන්න ඕන මට ඕන විදියට. දරුවට ඕනෑ දේවල් කරන්න දෙන්න බෑ. මම මෙච්චර අමාරුවෙන්, තනියෙන් එයාව හදලා තියෙන්නේ අනාගතේ එයා වැරදි තීරණයක් ගත්තොත් ඒ වැරදි තීරණයෙන් එයාගේ ජීවිතේ නාස්ති වෙනවා දකින්න නෙවෙයි. ඒ මගේ පුතා. අම්මා විදියට මගේ පුතා නාස්ති වෙනවා දකිනවට වඩා මම මැරෙන්න කැමතියි. මගේ දරුවාට හොඳ දේ මොකක්ද කියලා දන්නේ මම, එයාගේ අම්මා.

මම ලෝකේ දකිනවා. මොඩ්ලින්ග්ෆීල්ඩ් එකේ, ඇක්ටින්ග්ෆීල්ඩ් එකේ දේවල් වෙන විදිය මම දකිනවා. ඒ අනුවයි මම මගේ දරුවා ගැන හිතන්නේ. මගේ පුතා හොඳ රස්සාවක් කරලා, විවාහයක් කරගෙන, එයා විවාහ වෙන කෙනාට විශ්වාසවන්තව ජීවත් වෙන්න ඕන. එයා ගෑණියෙක්ගේ හිතක් නොරිද්දන්න, වේදනාවක් නොදෙන්නදැනගන්න ඕන. මම එහෙමයි එයාව හදන්නේ.

මේ වෙනකොටත් එයාගේ ජීවිතේ සාර්ථක කරන්න මම අඩිතාලම දාලා තියෙනවා. එයාට මම වෙනම මුදලක් සුරක්ෂිත කරලා තියනවා. මගේ දරුවාට කවදාවත් දුකක් විඳින්න මම ඉඩ තියන්නේ නෑ. තව කෙනෙක්ට දුකක් නොදෙන්න ජීවත් වෙන්න මම එයාට උගන්නනවා.

Comments