හර්ඩික් සහ පොලාඩ් වැඩපෙන්වද්දී මාලිංග IPL දෙවනත් කරයි

6

ලෝකෙම අවධානය යොමුව ඇති මෙවර IPL තරඟාවලිය වෙත ශ්‍රී ලාංකිකයන්ගේ විශේෂ අවධානය යොමුවූයේ මෙම තරඟාවලිය සඳහා එක්වන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන එක්දින නායක ලසිත් මාලිංග හේතුවෙන්.

කෙසේ වෙතත් ඔහු සහභාගී වූ දෙවන තරඟය ඊයේ පැවැත්වුනේ IPL තරඟාවලියේ ආක්‍රමණශීලී කණ්ඩායමක් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි.

එහිදී චෙන්නායි කණ්ඩායම ලකුණු 37 කින් පරාජය කරමින් තරඟය ජයගැනීමට මුම්බායි කණ්ඩායම සමත්වූවා.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ මාලිංග ඊයේ තරඟයේදී ලකුණු 34 කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වූවා.

එහිදී බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූයේ මාලිංග ලබාගත් ඩ්වේන් බ්‍රාවෝගේ කඩුල්ල වෙතයි.

සුපිරි යෝකර් පන්දුවෙන් පිතිකරුවන් දණ ගස්වමින් ක්‍රිකට් ලොව සිය අණසක පැතිරූ මාලිංගගෙන් බ්‍රාවෝට ලැබුණු යෝකර් පන්දුව පිත්තේ ඇතුලත අග්‍රයේ වැදී කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩී කොක් විසින් රැකගත්තා.

ඊට අමතරව ෂේන් වොට්සන් සහ කෙදර් ආපසු ඇරඹුමේම නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට මාලිංගගේ පන්දුවට හැකිවූවා.

මේ අතර තරඟයේ බොහෝදෙනෙකුගේ අවධානය දිනාගනිමින් තරඟයේ වීරයා වූයේ හර්ඩික් පාන්ඩ්‍යා.

ඔහු අවසානයේ මුම්බායි කණ්ඩායමේ ලකුණු මට්ටම ඉහළට ඔසවා තබමින් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූවා.

එහිදී අවසන් පන්දුවාරයේදී එල්ලකළ දැවැන්ත හයේ පහර ද්විත්වය හමුවේ ප්‍රේක්ෂකාගාරය දෙවනත් වූවා.

මේ අතර බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වූයේ හෙළිකොප්ටර් පහරේ රජු වූ සුපිරි දෝණි පවා මවිත කරමින් එල්ලකළ දැවැන්ත හයේ පහර වෙතයි.

මේ අතර අවසන් පන්දුවාරයේ ඔහුගේ අනෙක් අන්තයේ සිටි පොලාඩ් පන්දුවාරයට් සුපිරි අගයක් එක්කළේ හයේ දැවැන්ත හයේ පහරක් එල්ලකරමින්.

මුම්බායි කණ්ඩායම සහ චෙන්නායි කණ්ඩායම අතර පැවති තරඟයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ තවත් අවස්ථාවක් වූයේ පොලාඩ් විසින් රැකගත් සුපිරි උඩපන්දුවයි.

හතරේ සීමාව ආසන්නයේ සිටිමින් ඉහළට පියඹා යමින් ඔහු උඩපන්දුව රැකගත්තේ පහර එල්ලකළ සුරේෂ් රයිනාගේ සියලු බලාපොරොත්තු සුන් කරමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 170 ක් රැස්කළා.

එහිදී SA Yadav ලකුණු 59 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමඟින්.

Krunal Pandya ලකුණු හතරේ පහර 5 ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 42 ක් රැස්කළා.

පන්දු යැවීමේදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් DL Chahar, MM Sharma, Imran Tahir, RA Jadeja, DJ Bravo එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 138 ක් පමණයි.

එහිදී චෙන්නායි කණ්ඩායමට නව බලාපොරොත්තුවක් ගෙන එමින් KM Jadhav ලකුණු 58 ක් රැස්කළද මාලිංගගේ පන්දුවක් හමුවේ එම බලාපොරොත්තුව ඔහුගෙන් ගිලිහීගියා .

හර්ඩික් පාන්ඩ්‍යා සහ මාලිංග එක්ව චෙන්නායි සිහිනය උදුරා ගත්තේ කඩුලු 3 බැගින් දවාගනිමින්.

JP Behrendorff කඩුලු 2 ක් දවාගත්තා.

චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි කණ්ඩායම් අතර ඊයේ පැවති තරඟයේ සියලු විශේෂ අවස්ථා පහතින්.

Comments