හදිසියේම කටුනායක ආරක්ෂාව තර කරයි? – පාතාලේ ගෝඩ් ෆාදර් දිවයිනට රැගෙන එයි

10

මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඔහු රැගෙන එන ගුවන් යානයෙන් ඩුබායි පොලිස්‌ නිලධාරීන් සිව්දෙනකු ද පැමිණීමට නියමිතව ඇති බවට ආරංචිමාර්ග සඳහන් කරනවා.

මධුෂ් සහ ගායක අමල් පෙරේරා ද මෙදින ඩුබායි සිට රැගෙන එන අතර එහිදී ඔවුන්ගෙන් ලබාගත් කටඋත්තර සියල්ලම ඩුබායි පොලිසිය මගින් ආරක්‍ෂක අමාත්‍යාංශයට භාරදීමට ක්‍රියා කරනු ඇති.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය ඩුබායි රජයෙන් කරන ලද ඉල්ලීමක්‌ අනුව මාකඳුරේ මධුෂ් සහ අමල් පෙරේරා මෙසේ කටුනායකට රැගෙන එනු ලැබේ.

මොවුන් කටුනායකට රැගෙන එන අවස්‌ථාවේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ඇතුළු විශේෂ පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යෙදවීමටද පියවර ගෙන තිබෙනවා.

Comments