සෙනාලි විද්‍යාඥවරියක් වෙයි

52

‘සිරි පැරකුම්’ සිනමා නිර්මාණය හරහා රංගනයට පිවිසි සෙනාලි ෆොන්සේකා මේ වනවිටත් සිනමා නිළියක් ලෙස කාර්යබහුලව සිටින්නිය.

මේ වසරේ බලාපොරොත්තු පිළිබව අපි ඇයගෙනුත් මෙසේ විමසුවෙමු.

රංගනයේ යෙදුණත් මං අධ්‍යාපනය හැදෑරුවේ වෙනම අංශයකින්. මේ වසරේ තමයි එහි එක් පියවරක් මම අවසන් කළා.

ඒ ජීව විද්‍යා වෛද්‍ය අංශයේ විද්‍යාඥවරියක හැටියට මම උපාධිය ලබාගනිමින්.. එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් තමයි මම ඒ අධ්‍යාපන කටයුතු සිදු කළේ. තවදුරටත් අධ්‍යාපනය හදාරන්නටත් ලැහැස්ති වෙලා ඉන්නවා. මේ වසරේ මම උපාධිධාරිණියක් වීම කාලයක් මගේ සිතේ තිබුණු ලොකු බලාපොරොත්තුවක්. ඒ වගේම මේ වසරේදි හැකි උපරිමයෙන් කලාවට දායක වන්නත් මම සූදානමින් ඉන්නවා.

Comments