සූඩාන හිටපු ජනාධිපති ඕමාර් අල් බෂිර් නඩු විභාගයකට.

2

සූඩාන හිටපු ජනාධිපති ඕමාර් අල් බෂිර් ඔහුට එරෙහි දූෂණ චෝදනා නඩු විභාගය සදහා අද (19) පෙනී සිට තිබේ.

වසර 30කට ආසන්න කාලයක් සුඩානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ඕමාර් අල් බෂිර් පසුගිය අප්‍රේල් මාසයේ දි බලයෙන් පහ කෙරුණි.

ඔහුගේ නිවසේ තිබී විදේශීය මුදල් විශාල ප්‍රමාණයක් සොයාගැනුණු අතර දූෂණ චෝදනා කිහිපයක් යටතේ විමර්ශන ආරම්භ කර ඇත.

 නඩු විභාගය පැවති කාර්ටුම් නුවර දැඩි ආරක්ෂාවක් යොදවා තිබු බව විදෙස් වාර්තා පැවසුවේය.

Comments