සුළු පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡාවකට සජිත් සැරසෙයි

4

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ සුළු පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතයි. 

අද පස්වරුවේ පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාව පැවැත්වෙන ස්ථානය පිළිබඳව මේ වන තෙක් කිසිදු දැනුම් දීමක් සිදුකර නැත. 

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තමාට ලබා දෙන ලෙස සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ වන විටත් පක්ෂයෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

කෙසේ වෙතත් මේ වනවිට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අර්බුධ රැසක් මතුව ඇති අතර ඉදිරි දින කිහිපයේදි මෙම ගැටළුව නිරාකරණය වනු ඇති බව පක්ෂ නියෝජිතයින් සඳහන් කළේය. 

මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පසුගිය අඟහරුවාදා සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡා එකඟාතාවයකින් තොරව අවසන් වුණි.

මෙම සාකච්ඡවේදී අග්‍රාමාත්‍යවරවයා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර පැමිණෙන ලෙසයි. 

ඒ අනුව අද දිනයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය

Comments