ස්වර්ණවාහිනියේ හදවතේ කතාව දෙවෙනි ඉණිමේ කොපියක්ද ?

687

මේ දිනවල සමාජ මාධ්‍ය වල වැඩිපුරම කතා බහට ලක්වෙන වීඩියෝවක් ගැන අලුත්ම රහසක් ගෙන හොයාගන්න Daily Sri Lanka පුළුවන් වුණා. ලංකේය ටෙලිනාට්‍ය කරණය නව මාවතකට යොමු කරන බව පවසමින් ලබන 18 වනදා සිට හදවතේ කතාව නමින් ටෙලි නාට්‍යයක් ස්වර්ණවාහිනිය ඔස්සේ සතියේ දින පහේම විකාශය වන බවට පුර්ව ප්‍රචාරක දැන්වීම් නිකුත් කර තිබුණා.

මියගිය මවගේ සිහිනය සැබෑ කරන්නට වෙහෙසෙන තරුණයෙක්, ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් දුක් විඳින තරුණියක් සහ අපූරු ප්‍රේමවන්තයෙක් යන චරිත අතර දෝලනය වන මෙම ටෙලි නාට්‍යයේ නම “හදවතේ කතාව.”

බොහෝ ප්‍රේක්ෂකයින් ආදරය කරන දෙවැනි ඉනිම සහ සංගීතේ වැනි ටෙලි නාට්‍ය අභිභවා යමින් අංක එකේ නාට්‍ය ලෙස හදවතේ කතාව පත්විය හැකි බවට කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් අදහස් පල කරනවා.

ඒ වගේම ප්‍රවීණ නළු නිලියන් සමඟ දෙවැනි ඉනිම සහ සංගීතේ නාට්‍ය වල රංගනයෙන් දායක වන නවක හිරිමල් යෞවනයේ නළු නිලියන් රැසක්ද හදවතේ කතාවේදීද දැක ගත හැකියි.

මේ වන විටත් සැමට රහසක් වුණු හදවතේ කතාව ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා පිලිබඳ මෙතෙක් කොතැනකවත් සටහනක් නොවුනත් සැබවින්ම මෙහි අධ්‍යක්ෂකවරයා සාරංග මෙන්ඩිස් මහතා බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් සාරංග මෙන්ඩිස් මහතා ඔහුගේ මෙම විශිෂ්ට අධ්‍යක්ෂණය පිලිබඳ සඟවන්නේ ඇයි දැයි තවමත් හෙළි කර නැහැ.

Comments