සරසවි 15ම වැසෙන ලකුණු

2

ශ්‍රී  ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය දාසය දාහක් පමණ දෙනා ලබන 10 දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස අඛණ්ඩ වැඩ වර්ජනයක් සූදානම් කර තිබෙන බවත් එහිදී විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලය සිදුකෙරෙන මෘත ශරීර ආරක්ෂා කිරීම්, සතුන් ආරක්ෂා කිරීම්, පරිපාලන කටයුතු, අනෙකුත් විශ්වවිද්‍යාලයේ ආරක්ෂා කිරීම අතහැර දමා මුදල් අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණෙන බව ශ්‍රී  ලංකා විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ කියති.

ශ්‍රී  ලංකා විශ්වවිද්‍යාල තාක්ෂණික නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික කපිල දැරණියගල මහතා ඇතුළු නියෝජිතයෝ ඊයේ (03දා) දඹුල්ලේදී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ අනතුරු ඇඟවීම සිදු කළහ. ශ්‍රී  ලංකාවේ විශ්වවිද්‍යාල 15කට අයත් වෘත්තීය සමිති 25ක නියෝජිතයන් විසින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි. මෙහිදී ඔවුන්ගේ එකම ඉල්ලීම බවට පත්වූයේ 2016 වසරේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට රුපියල් දසදහසක වැටුප් වැඩිවීමේ ක්‍රියාවලියේ වැටුප් විෂමතාවක් පවතින බවය. අනෙකුත් රාජ්‍ය සේවකයන්ට හැර මෙම වැටුප් විෂමතාව තම සේවකයන්ට පමණක් පවතින බවය.

මේ පිළිබඳව 2016 වසරේ සිට බලධාරීන්ව දැනුවත් කළද මෙතෙක් අවධානය යොමු නොකරන හේතුවෙන් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන බව ඔහු මෙහිදී අවධාරණය කළහ. එමෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය ලබන 10 දින සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වන බවත් ඉගැන්වීම් කටයුතු අතරමඟ නවතින බවත් වෛද්‍ය පීඨවල ඇති මෘත ශරීර විනාශ වී නරක් වී යෑමේ අවදානමක් පවතින බවත් පේරාදෙණිය වැනි විශ්වවිද්‍යාලවල රඳවා ඇති වටිනා සතුන් විනාශ වී යන බවත් විශ්වවිද්‍යාල පවතින ජාලගතකිරීම් පරිගණකගතකිරීම් සියල්ල මෙහිදී අකර්මණ්‍ය වන බවත් මෙහි සියලු පාඩුව, විනාශය වර්තමාන රජය වගකිවයුතු බවද කපිල දැරණියගල මහතා සඳහන් කළේය.

Comments