සංචාරක හෝටල්වලට වැට් බද්ද සියයට 5 යි – ආරක්ෂක උපකරණ තීරු බද්දෙන් නිදහස්

8

සංචාරක හෝටල් සඳහා පනවා ඇති වැට් බද්ද වසරක කාලයක් සඳහා සියයට 15 සිට සියයට 5 දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පසුගිය අපේ‍්‍රල් 1 වනදා සිට ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා එය ක‍්‍රියාත්මකයි.

එසේම හෝටල්වලට අවශ්‍ය ආරක්ෂක උපකරණ ආනයනයේදී අයකරන තීරුබදු ද අද සිට ඉවත් කරන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු බිඳ වැටුණු සංචාරක හෝටල් ක්‍ෂේත‍්‍රය නගා සිටුවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග ප‍්‍රකාශ කළේ.

Comments