ලෝක කුසලානයට එංගලන්තයට ගිය ක්‍රීඩා ඇමතිවරයාගේ ආරක්ෂකයා දිවයිනට පිටුවහල් කරයි

96

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය සඳහා එංගලන්තයේ පෙර පුහුණුවීම්වල නිරත වෙමින් සිටිනවා. ඒ අතර කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂව සඳහා වත්මන් ක්‍රීඩා ඇමතිවරයා වන හරීන් ප්‍රනාන්දු විසින් විශේෂ ආරක්ෂකයෙකු යොදවා ඔහුව එංගලන්තයට පිටත් කර යවා තිබෙනවා. පසුගියදා ශ්‍රී ලංකා පිල දිවයිනෙන් පිටත්ව ගිය පසු ඇමතිවරයාට ඉතාමත් සමීපතම මෙම ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියා සේවාව සඳහා එංගලන්තය සඳහා පිටත්කර ඇත්තේ ඇමතිවරයාගේද අනු දැනුම ඇතිවයි.

කෙසේ නමුත් අදාල ආරක්ෂයා නැවත ලංකාවට වෙත හරවා එවා ඇති බවට මේ වන විට අපවෙත තොරතුරු වාර්තා වෙනවා. එලෙසින් ඔහු හරවා එවා ඇත්තේ ඔහු එංගලන්තයේ සිටි දින වකවානුවේදී ආරක්ෂක නිලධාරියෙකුට උචිත නොවන ආකාරයෙන් හැසිරීම හේතුවෙනුයි. තමන් නවාතැන් ගෙන සිටි හෝටලය වෙත එරට සිටින තමන්ගේ මිතුර මිතුරියන් කැදවාගෙන ගොස් එහි මත්පැන් පානය කරමින් ඉතාමත් අශෝභන ලෙසින් අදාල ආරක්ෂ නිලධාරියා හැසිරී තිබෙනවා.

මේ පිළිබඳව ICC විසින් තොරතුරු විමර්ශනය කර ඇති අතර පසුව ඔහු ලංකාව වෙත නැවත හරවා යවන්නැයි ICC විසින් බලධාරීන්ට නියෝග කර තිබෙනවා. ලෝක කුසලානය සඳහා සහභාගී වීමට එංගන්තයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින්ට අමතරව අනෙකුත් නිලධාරීන් පිළිබඳව සොයා බැලීමට මෙවර ICC විසින් ඔවුන්ගේ දූෂණ මර්ධන අංශයේ විශේෂ පිරිසක් යොදවා තිබෙන අතර ඒ අනුවයි මෙම ආරක්ෂකයා පිළිබඳව තොරතුරු ඔවුන් විසින් අනාවරණය කරගෙන ඇත්තේ.

ඇමති ආරක්ෂකයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මේ වන විට පිහිටුවා ඇති ICC දූෂණ මර්ධන කාර්යාලය මඟින් වැඩිදුර පරීක්ෂණයක් සිදුකරන්නට යන බවටද තොරතුරු වාර්තා වෙනවා.

Comments