ශ්‍රී ලංකාව හා පාකිස්තාන විස්සයි-20 තරගාවලිය හෙටින් ආරම්භ වෙයි

12

සංචාරක ශ්‍රී  ලංකා කණ්ඩායම සමඟින් හෙට (05දා) ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන පාකිස්තාන සංචිතය පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර, ඒ සඳහා මාස 16ක පමණ කාලයකට පසුව උමාර් අක්මාල් සහ අහමඩ් ශෙෂාඩ් කැඳවා තිබීම විශේෂත්වයකි.

තවද ශ්‍රී  ලංකාව සමඟ පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ආබාධයකට ලක්වීම නිසා ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් මෙම සංචිතයෙන් ඉවත් කරන ලද බවද පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබිණි. 16 දෙනකුගෙන් සමන්විත පාකිස්තානු විස්සයි-20 සංචිතයේ නායකත්වය සෆ්රාස් අහමඩ් හට හිමිවෙද්දී උපනායකයා ලෙසින් බාබර් අසාම් කටයුතු කිරීමට නියමිතය. 

තරග 3කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට දිනයේදීත් (05දා), දෙවැනි තරගය 7 වැනිදාත් පැවැත්වීමට නියමිත අතර, තුන්වැනි සහ අවසන් තරගය පැවැත්වෙන්නේ මෙම මස 9 වැනිදාය. මෙම තරග තුනම ලාහෝරයේ ගඩාෆි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පාකිස්තාන විස්සයි-20 සංචිතය – 

සෆ්රාස් අහමඩ් (නායක), බාබර් අසාම් (උපනාක), අහමඩ් ශෙෂාඩ්, අසිෆ් අලී, ෆහීම් අෂ්රෆ්, ෆකාර් සමාන්, හැරිස් සොහේල්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාඩ් වසීම්, මොහොමඩ් අමීර්, මොහොමඩ් හස්නෙයින්, මොහොමඩ් නවාස්, ශදාබ් ඛාන්, උමාර් අක්මාල්, උස්මාන් ශින්වාරි, වහාබ් රියාස්.

Comments