වෙඩි තැබිමකින් එක් අයෙක් මරුට

3

වැල්ලවාය ඇතිලිවැව , මීගස්අරාව  පුබුදුවැවදී  අද  (14)  අලුයම 1.15 පමණ  සිදුවූ වෙඩි තැබීමකින් 41 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය  පවසයි .

මෙසේ ඝාතනයට  පත්ව ඇත්තේ  වයි.ඊ.  ලාල්  ප්‍රේමකුමාර නමැත්තෙකි .

අවිවාහකයෙක් වන සැකකරු මරණකරුගේ බිරිඳගේ සොහොයුරාවන බවත් එකම නිවසක ජීවත්වන මේ දෙදෙනා අතර හේනක් පිළිබදව ඇතිවූ බහින් බස්වීමකින් පසු මෙම වෙඩිතැබීම සිදුව ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය .

මොණරාගල පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත වැල්ලවාය පොලීසිය විමර්ශන සිදුකරයි.

Comments