විස්සයි විස්සට සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා නෑ

7

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර 11 වැනිදා පැවැත්වෙන විස්සයි – 20 ක්‍රිකට් තරගය නවසීලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් නීෂම්ට අහිමි වී තිබේ.

දෙරට අතර පැවැති තුන්වැනි සහ අවසාන එක්දින තරගයේ පන්දු රකිමින් සිටියදී කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක්වීම නිසා ඔහු පිටියෙන් ඉවත්ව ඇත. තවද එය පළමු ශේ‍ර්ණියේ ආබාධයක් හෙයින් එම ආබාධය සුව වීම සඳහා දින කිහිපයක් ගත වන බවත් එම නිසා නීෂම්ට දින කිහිපයක් විවේක ගැනීමට සිදුවන බවත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් පැවැත්වෙන විස්සයි – 20 තරගය සඳහා නීෂම් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඩග් නම් කිරීමටද නවසීලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබිණි.

Comments