විරෝධතා සමඟ කහ කබාකරුවන් පාරට – සංචාරක ස්ථාන රැසක් වැසේ

0

ප්‍රංශයේ ‘කහ කබාකරුවන්ගේ ‘ විරෝධතා හේතුවෙන් එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි එරට මුදල් අමාත්‍ය බෲනෝ ලී මෙයර් මාධ්‍ය හමුවේ පවසා ඇත.

ඉන්ධන මත පනවා ඇති අධික බදු හේතුවෙන් ප්‍රංශයේ මෙම උද්ඝෝෂණ හට ගෙන තිබේ.

මේ වන විට මතුව ඇති දැඩි කලබලකාරී තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ අයිෆල් කුලුණ හා ලූවර් කෞතුකාගාරය ඇතුළු සංචාරක ස්ථාන කිහිපයක් වසා දැමීමට රජය පියවර ගෙන තිබේ.

විරෝධතාකරුවන් 125,000 කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වි සිටින අතර 1,700 කට අධික පිරිසක් අත්අඩංගුවට පත් වී ඇතැයි එරට අරක්ෂක අංශ පවසයි.

එමෙන්ම ප්‍රංශ වෙළෙඳ සම්මේලනය පවසනුයේ මෙම විරෝධතා හේතුවෙන් සිල්ලර වෙළෙන්ඳන් හට ඩොලර් බිලියන 1.1 ක අලාභයක් සිදු වී ඇති බවත් ආපන ශාලා වෙළෙදාම 20% සහ 50% කින් පහළ බැස ඇකි බවත්ය. මේ වන විට මිලියන ගණනක් හානි සිදු වී ඇති බව එරට බලධාරීහු පවසති.

එරට වැසියන්ගේ සාමාන්‍ය ජන ජිවිත අඩාල වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ලෝක වෙළෙඳපොලෙහි ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මේ ආකාරයට ඉන්ධන මිල වැඩි වීමට හේතු වු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පසුගිය මාස 12 ක කාලය තුළ ඩීසල් මිල 23% කින් ඉහළ ගොස් ඇති බව උද්ඝෝෂකයෝ පවසති.
” කහ කබා” විරෝධතාකරුවන්ගේ විරෝධතා පාලනයට කදුළු ගෑස් ප්‍රහාරයන්ට අමතරව රබර් උණ්ඩ වෙඩි ප්‍රහාර ද එල්ල කිරීමට සිදු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ඇති වු ගැටුම් නිසා වෙළෙඳසල් ගණනාවකටම අලාභ හානී සිදු වූ අතර විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් හටගත් බවද එහිදී පොලිස් නිලධාරින් තිදෙනෙකු සමග පුද්ගලයින් 126 දෙනෙකු තුවාල ලැබූ බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

Comments