වැල්ලම්පිටිය OIC ට මාරුවක්

7

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එස්. හේවාවිතාරණ වහාම කි‍්‍රයාත්මක වන පරිදි ගාල්ල කොට්ඨාශය වෙත මාරුකර යවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම සිදු කර ඇති බවයි.

වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවයේ නියුතුව සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට අධිකරණයෙන් ඇප ලබාදීමේ පොලිසිය පාර්ශවයෙන් වරදක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.

මෙම තඹ කර්මාන්තශාලාව කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කළ ඉන්සාෆ් අහමඩ් ඊබ‍්‍රාහිම්ට අයත්.

ප‍්‍රහාරයෙන් පසු තඹ කම්හලේ සේවය කළ 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබුණා.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසුව අත්අඩංගුවට ගැණුනු තඹ කම්හලේ තවත් සේවකයෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

Comments