ව්‍යවස්ථාවේ වෙනසක් ගැන ඉඟියක්

1

ඉදිරි මහ මැතිවරණයේදී සිය පක්ෂයට 120 කට වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යවක් ලබාදුන හොත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට පියවර ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

යම් හෙයකින් ජනාධිපතිවරයාට බලතල නොතිබුණේ නම් ඔහුද අද වන විට මෙම ව්‍යවස්ථාව මඟින් සිරකාරයෙක් බවට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා කියා සිටියේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඡන්දය දුන්නේ කොමිසම් සභා ස්ථාපිත කර මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනු ඇතැයි යන විශ්වාසය උඩ බවත් එහෙත් දැන් ඉන් සිදුවී ඇති ආරවුල දුටු විට එය සම්මත කරගැනීමට අත එසවීම ගැන කනගාටුවන බවත් ඒ මහතා කියා සිටියේය.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා ජනතාවගේ ඡන්ද බලය අහිමි වී ඇති බව පැවැසු මන්ත්‍රීවරයා ඉන් ජනතාව තමන්ගේ මතය ප්‍රකාශ කරගැනීමට නොහැකිව දැඩි පීඩාවට පත්ව ඇති බව ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, එස්. එම් චන්ද්‍රසේන, සුදර්ශනී ප්‍රනාන්පුල්ලේ මහත්ම මහත්මීන්ද සහභාගි වී සිටියහ.

Comments