ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට

13

එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන මෙවර අයි.සී.සී, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.

ඒ, පෙරවරු 10.20ට පමණ ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 651 දරණ ගුවන් යානයෙන්.

මෙහිදී ක්‍රීඩකයන් 18 දෙනෙකු සහ නිලධාරීන් 9 දෙනෙකුගෙන් සමන්විතව කණ්ඩායමක් පිටත්ව ගිය අතර, ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ද මීට ඇතුළත්වීම විශේෂත්වයක්.

අද මෙලෙස පිටත්ව ගිය ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පෙර ස්කොට්ලන්තය සමඟ එක්දින ජාත්‍යන්තර තරඟ දෙකකට සහභාගි වනවා.

එමෙන්ම, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, බංග්ලාදේශය සහ එංගලන්තය සමඟ ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ පෙරහුරු තරඟ 8කට ද මුහුණදීමට නියමිතයි.

ස්කොට්ලන්තය සමඟ ලබන 18 වන දා සහ 21 වන දා එඩින්බරෝ හි පැවැත්වෙන එක්දින තරඟ දෙක සඳහා ලසිත් මාලිංග සහභාගි වන්නේ නැහැ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඔහු නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් පිළ මේ වන විට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර මාලිංගට අවම වශයෙන් මැයි 12 වන දා තෙක් ඉන්දියාවේ රැදී සිටීමට සිදුවනු ඇති.

Comments