ලොව බලසම්පන්නම කාන්තාවන් 100 දෙනා අතරට ගිය අපේ ජවය

4

ලොව සිටින බලසම්පන්නම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකීක කාන්තාවක් ද ඇතුළත්ව තිබේ.

ඒ 39 හැවිරිදි ඉතා සුප්‍රසිද්ධ සාගර විද්‍යාඥවරියක් වන ආචාර්ය ආශා දි වොස්(Asha de Vos)මහත්මියයි.

ලොව සිටින වඩාත්ම බලසම්පන්න සහ සමාජයට වඩාත්ම බලපෑම් එල්ල කළ හැකි කාන්තාවන් 100 දෙනෙකුගේ ලේඛනයක් පසුගිය දා බීබීසී මාධ්‍ය ආයතනය විසින් සකස් කර තිබුණි.

ඒ අනුව මෙම ලැයිස්තුවේ 23 වන ස්ථානය හිමි කර ඇත්තේ ආශා ද වොස් මහත්මියයි.

මෙම ලැයිස්තුව සැකසීම සඳහා ලොව පුරා ඇති රටවල් 60ක වයස අවුරුදු 15 ත් 94 ත් අතර කාන්තාවන් ඇතුළත් කර ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙහි ප්‍රථම ස්ථානය වයස අවුරුදු 33 ක් වු නයිජීරියාවේ අභිසෙයේ අජායි(Abisoye Ajayi-Akinfolarin)හිමි කර ගෙන තිබේ.

දෙවන ස්ථානය 32 හැවිරිදි බහරේන්හි, අස්රා අල ශාෆෙයි (Esraa al-Shafei)විසින් හිමි කර ගෙන ඇත.

තෙවන ස්ථානය 18 හැවිරිදි රුසියාවේ,ස්වෙට්ලානා ඇලෙක්ස්සීවා( Svetlana Alekseeva) විසින් හිමි කර ඇත.

ආචාර්ය ආශා දී වොස් සාගර ක්ෂීරපායින් පිළිබඳව ආචාර්ය උපාධිය ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකීක පුරවැසියා ද වෙයි.

ඇය විසින් සිදු කර ඇති අධ්‍යනයන් හා වැඩකටයුතු හේතුවෙන් ලෝක ආර්ථික සමුළුවේ දී තරුණ ලෝක නායකයෙකු ලෙස ද ගෞරවයට ලක්ව තිබේ.

ඉන්දීය සාගරයේ වාසය කරන යෝධ නිල් තල්මසුන් ගැන ඇය විසින් සිදු කල අධ්‍යනයන් ජාත්‍යන්තර පැසසුමට ලක්ව ඇත.

Comments