ලොවම වසඟයට ගත් යූ ටියුබ් තාරකාවිය අවසන් ගමන් යයි

2

ලෝකයේ වයස්ගතම යූටියුබ් තරු අතරින් කෙනෙකු වූ දකුණු ඉන්දියාවේ 107 හැවිදිරි මස්තනම්මා මියගොස් තිබෙනවා.

අසාමාන්‍ය ඉන්දියානු කෑම මුල සිටම පිළියෙළ කරන ඇය සමාජ මාධ්‍ය ජාල තුළ ඉතා ප්‍රසිද්ධියට පත්ව සිටියා.

‘Country Foods’ නම් ඇයගේ යූටියුබ් නාලිකාවේ සිය ගණනක් වීඩියෝ පළ කර ඇති අතර, මිලියන ගණනක ග්‍රාහකයෝ පිරිසක් සිටීම විශේෂත්වයක්.

අයගේ ආහාර අතරින්, ඇයට ආවේණික වූ ක්‍රමයකට සකසා ගත් කොමඩු සහ කුකුල් මස් ව්‍යංජනය අතිශය ජනප්‍රිය වුවා.

ඇයගේ මුනුබුරා සහ ඔහුගේ යහළුවෙකු වර්ෂ 2016 දී ආරම්භ කළ මෙම යූට්යුබ් නාලිකාව ඉතා ඉක්මනින් අතිශය ජනප්‍රියත්වයට පත් විය.

ආන්ද්‍රා ප්‍රදේශ්හි උපත ලැබූ මස්තනම්මාගේ වයස 2017 දී අවුරුදු 106ක් බව වරක් බීබීසී සේවයට පවසා තිබෙනවා.

නමුත් එය තහවුරු කිරීමට ඇය සතුව උප්පැන්න සහතිකයක් හෝ නොතිබුණු බවයි වාර්තා වන්නේ.

ඈත ගම්මානයක එළිමහන් ස්ථානයක බිම වාඩි වී, උපකරණ අවම ප්‍රමාණයක් භාවිත කර ආහාර පිසින ආකාරය ඇයගේ සෑම වීඩියෝවකම දැකිය හැකියි.

ඇය සිය නියපොතු භාවිත කරමින් එළවළුවල පොතු ගලවා පැරණි ඉන්දියානු සාම්ප්‍රදායික පිහියක් භාවිත කර ඒවා කපා ගනී.

ඇය ආහාර පිළිගන්වන්නේ සාම්ප්‍රදායික දකුණු ඉන්දීය ක්‍රමයට අනුව කෙසෙල් කොලයක තබාය.

2016 දී මස්ටනම්මා හමුවූ බීබීසී මරාති සේවයේ ඔන්කාර් කරම්බලේකාර් පැවසුවේ ඇය ආහාර පිසින ක්‍රමය වෙනත් යූටියුබ් වීඩියෝවල පෙන්වන ක්‍රමවලට වඩා බෙහෙවින් වෙනස් බවයි.

ගෑස් හෝ විදුලි උදුනක් වෙනුවට දර භාවිත කරන ඇය, අසල ගංගාවෙන් මාළු අල්ලාගෙන පිසීමට විශේෂ කැමැත්තක් දැක්වූවා.

දත් නොමැති සිනහව මෙන්ම, කොමඩු සහ කුකුල් මස් එකතු කර පිසින ලද ආහාරය සමාජ මාධ්‍ය ජාල තුළ අතිශය ජනප්‍රිය විය.

ඇය පිසූ වම්බටු ව්‍යංජනය සහ මාළු ව්‍යංජනය ද අතිශය ජනප්‍රියත්වයක් ගනු ලැබුවා.

Comments