ලබන වසරේ සිට IPLක්‍රිකට් තරගාවලිය වෙනස් වෙයි

3

මෙම වසරේ පැවැති IPL තරගාවලියේ දී නිපන්දු සලකුණු නොකිරීමේ සිද්ධීන් කිහිපයක් හේතුවෙන් දැඩි මතභේදකාරී තත්ත්වයන් ඇතිවුණා.

තරගයක අවසන් පන්දුවේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග යැවූ නිපන්දුවක් සලකුණු නොකිරීම නිසා රෝයල් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායමට එම තරගය ජය ගැනීමට තිබූ අවස්ථාවක් ද අහිමි වුණා.

එම නිසා ලබන වසරේ සිට IPLක්‍රිකට් තරගාවලියේ දී නිපන්දු නිරීක්ෂණය කිරීම සදහා අමතර රූපවාහිනී විනිසුරුවරයෙකු (TV umpire) යොදා ගැනීමට IPL තරගාවලි සංවිධායක කමිටුව සැලසුම් කර තිබෙනවා.

තෙවැනි සහ සිව්වන විනිසුරුට අමතරව මෙම අමතර විනිසුරු යොදා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Comments