ලංකාවේ අලුත් පුහුකරු ලැයිස්තුව මෙන්න

5

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර වෙනුවෙන් ඇතිව තිබූ අර්බුදය නිමා කරමින් එළැඹෙන දෙසැම්බර් මස මුල් සතියේ සිට මිකී ආතර් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙහි වැඩ භාරගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

51 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළමු පෙළ තරග 110කට සහභාගි වී ශතක 13ක් හා අර්ධ ශතක 34ක් සමඟින් ලකුණු 6657ක් ලබා ඇති අතර, ඔහු 2016 මැයි මාසයේ සිට නිමා වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා පාකිස්තානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය හොබවා තිබේ. 

ඒ අනුව එළැඹෙන දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය සමඟින් පාකිස්තානයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී මිකී ආතර් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරනු ඇත. 

මේ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අනෙක් පුහුණුකරු තනතුරුද වෙනස් කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබීමද කැපී පෙනේ. 

එහිදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස 49 හැවිරිදි සිම්බාබ්වේ ජාතික ග්‍රාන්ට් ෆ්ලවර්, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ෂේන් මැක්ඩමොට් තෝරාගෙන ඇති අතර, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකාරීත්වයේ වගකීම පවරා ඇත්තේ 53 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් ජේම්ස් සේකර් වෙතය.

කෙසේ වෙතත් මිකී ආතර්ට අමතරව අනෙක් පුහුණුකරුවන්ද දෙසැම්බර් මුල් සතියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තමන්ට නියමිත තනතුරු භාරගැනීමට නියමිතව ඇති බවද පැවැසේ. 

Comments