රහස් ලේකම්වරියගේ කාමරයට රිංගන ශ්‍රී ලංකා ක්‍රිකට් ගෞරවණීය උප සභාපතිවරයා

106

ශ්‍රී ලංකා ක්‍රිකට්හි උප සභාපතිවරයෙකු විසින් තෝරාගත් අරුම පුදුම ලේකම්වරියක් පිළිබඳව අප වෙත මේ වන විට තොරතුරු වාර්තා වනවා. සම්මුඛ පරීක්ෂණය සඳහා ලේකම්වරියන් කිහිප දෙනෙකුම සහභාගී කරවාගෙන ඇති මෙම උප සභාපතිවරයා විසින් Anthia නම් ලේකම්වරියක් විශේෂ හේතුවක් මත තෝරාගෙන ඇති අතර ඇයට ලබා දී ඇත්තේ Confidencial Secretary (රහස්‍ය ලේකම්වරිය) යන තනතුරුයි.

විශේෂ හේතුවක් මත ඇයව මෙම තනතුරට තෝරා පත්කරගන්නට ඇතැයි මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තරයේ පිරිස් අතර විවිධ කතා මතුවෙමින් පවතිනවා. කෙසේ නමුත් අදාල උප සභාපතිවරයා විවිධ අවස්ථාවලදී ලේකම්වරියගේ නිල කාමරයේ ගැවසෙන බවත් ඒ අවස්ථාවන් වලදී ක්‍රිකට් ආයතනයේ පිරිස්වලට එම ප්‍රදේශය තහනම් කළාපයක් බවට පත්වන බවත් දැනගන්නට ලැබෙනවා.

Anthia නම් ලේකම්වරිය ඇය විසින් හුවමාරු කරගන්නා Email වල ඇයගේ තනතුර ලෙසින් මේ වන විටත් Confidencial Secretary ලෙසින් යොදාගෙන තිබෙනවා.

Comments