රට වෙනුවෙන් ඕනෑම මොහොතක පෙරට ඒමට සුදානම් බව රෝහන විජේවීරගේ පුත් උවිදු විජේවිර කියයි

0

රට වෙනුවෙන් ඕනෑම මොහොතක පෙරට ඒමට තමා සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවිර මහතාගේ පුත් උවිදු විජේවිර මහතා පවසයි.

කැලණිය ප්‍රදේශයේදි මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, රටක පුරවැසියෙක් ලෙස රටට ඉටු කළ යුතු යුතුකමක් ඇති බවයි.

තමා රෝහණ විජේවීරගේ පුත්‍රයා වුවත් ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නොවන බව පෞද්ගලිකව විශ්වාස කරන කරුණක් බවත් පැවසු ඒ මහතා, තමාට ජනතා විමුක්ති පෙරමුණේ අයිතියක් නොමැති බවත් පැවසීය.

එහි අයිතිය ඇත්තේ දේශපාලනයේ නියුතු අයට වුවත් කිසිවෙකුට තමාට දේශපාලනය නොකරන්නැයි පැවසිය නොහැකි බවත් උවිදු විජේවීර මහතා කියා සිටියේය.

එය තමාගේ තෝරා ගැනීම වන බවත් සඳහන් කර සිටි ඒ මහතා, රට වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් ඕනෑම මොහොතක ඉදිරියට එන බවත් තමා මහා දැවැන්ත මාක්ස්වාදියෙක් ලෙස හඳුනන්නේ නැතැයි ද පැවසීය.

තමාගේ පදනම බෞද්ධ සංස්කෘතිය මත වැටී ඇති බවත් ඒ අනුව තවත් න්‍යයාත්මක හැදෑරීමක් කළ යුතුව ඇතැයි ද පැවසු ඒ මහතා, ලෝකයත් සමඟ ඉදිරියට යා යුතු බවත් කියා සිටියේය.

තමා කිසිවිටෙකත් දුප්පත් මානසිකත්වයකට යටවී නැතැයි පැවසු ඒ මහතා, ලෝකය වෙනස් විය යුතු බවත් රට වෙනුවෙන් යහපත් දෙයක් කළ යුතු බවත් උවිදු විජේවිර මහතා මෙහිදී පැවසීය.

Comments