රට පිළිබඳව කඩිනමින් තීන්දු ගෙන රට බේරා ගත යුතු බව ජනපති කියයි

4

රට පිළිබඳව කඩිනමින් තීන්දු ගෙන රට බේරා ගත යුතු අවස්ථාවක් එළඹ ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ අද පස්වරුවේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් රචිත ‘කෘතීන් තුනක් සහ සංයුක්ත තැටි ද්විත්වයක් ජනගත කිරීම වෙනුවෙන් සංවිධාන කළ පන්හිඳක විප්ලවය උළෙල අද පැවැත්වුණි.

ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට එක්වුණි.

මේ අතර බම්බලපිටිය වෙරළ මාවතේ පිහිටි බෝරා මස්ජිද් ප්‍රධාන පල්ලිය කේන්ද්‍ර කරමින් පැවැත්වෙන බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වුණි.

Comments