රටම ආදරය කළ කුඹියෝ හි වැඩකරුවෙක් හදිසියේම අතුරුදන් වෙයි – පොලිසිය පරීක්ෂණ අරඹයි (ඡායාරූප)

10

කුඹියෝ ටෙලිනාට්‍යයේ සංස්කාරක සහ තිර රචක දමිත් චන්ද්‍රසිරි දින කිහිපයක සිට අතුරුදන් බවට ඔහුගේ මිතුරෙකු වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඉකුත් ඔක්තෝම්බර් 29 වැනි දින මෙම පැමිණිල්ල වැලිකඩ පොලිසියට ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

අනුරාධපුර, වන්නියම්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන දමිත් චන්ද්‍රසිරි නාවල රාජගිරිය ප්‍රදේශයේ කුලි නිවසක නැවතී සිටි ඇති බවයි වාර්තා වන්නේ.

වැලිකඩ පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද වාර්තා වනවා. ‍

මේ සම්බන්ධයෙන් ‘කූඹියෝ’ අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න තම ෆේස්බුක් ගිණුම ඔස්සේ තැබූ සටහන පහතින්.

Comments