යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා පිළේ අය මත්පැන් පානය කළාද?නැද්ද?

182

දකුණු අපි‍්‍රකාවේ පැවති යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය අතරතුර ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායමේ කී‍්‍රඩකයින් මත්පැන් පානය කළ බවට පළ වන පුවත සත්‍යයෙන් තොර බව කණ්ඩායම් කළමණාකරු ෆර්විස් මහරුෆ් පවසනවා.

ඒ සඳහා තමන් අනුග‍්‍රහය ලබාදුන් බවට පළ වන වාර්තාද අසත්‍ය බවයි ඔහු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියේ. 

එහිදී “තරගාවලියක් පරාජය වෙලා ආපුවාම මේ වගේ මඩ පහරවල් වදිනවා. මට කියන්න තියෙන්නේ කළමණාකාරු වශයෙන් එහෙම සිදුවීමක් වුණෙත් නෑ සිද්ධ වෙන්න ගියෙත් නෑ. හැබැයි සැප්තැම්බර් මාසයේ ආසියානු කුසලාත තරගාවලියෙදී ඔය වගේ සිදුවීමක් වුණා. “ වැඩිදුරටත් සඳහන් කෙරුණා.

Comments