මොරටුව-කොළඹ ශූරයන් වෙයි

10

කැලණිය විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශය 5 වැනි වරට සංවිධාන කළ අන්තර් විශ්වවිද්‍යාලීය ආරාධිත “ග්‍රිප් ටු ග්‍රිප්” වාර්ෂික කැරම් තරගාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමත් වූ අතර, කාන්තා කණ්ඩායම් ශූරතාව කොළඹ විශ්වවිද්‍යාල කණ්ඩායම සතුවූවා.

මොරටුව විශ්වවිද්‍යාලය මේ ශූරතාව පිට පිට දිනාගත් දෙවැනි අවස්ථාව මෙයවූ අතර කොළඹ විශ්වවිද්‍යාලයීය කාන්තා කැරම් කණ්ඩායමද නොකඩවා තෙවැනි වරටත් ශූරියන් වූවා.

කැලණිය විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති තරගාවලියේදී මොරටුව විශ්වවිද්‍යාලයේ මනුක අශේන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ලිහිණි පෙරේරා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනා ගත්තා.

ලිහිණි පෙරේරා නොකඩවා තෙවැනි වරටත් දක්ෂතම කැරම් ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීම කැපී පෙනීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පැවැති මේ තරගාවලියට දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400කට අධික පිරිසක් එක්ව සිටියා.

ජයග්‍රාහකයන්ට කුසලාන, පදක්කම් හා සහතික පත් පිරිනැමීම කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්.ආර්.ඩී. කාලිංග මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් සිදු කෙරුණා.

කැලණිය විශ්ව විද්‍යාලයේ වැඩ බලන ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජී.ජී.යූ. සමන් කුමාර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය ලංකා රණවීර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දිලක්‍ෂි ද සිල්වා, ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති පරාක්‍රම බස්නායක යන මහත්ම මහත්මීන් හා කැලණිය විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන උපදේශකවරුන්, සංවිධායක කමිටු නිලධාරීන්, ක්‍රීඩා සමාජ නිලධාරීන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් ද මෙම උත්සවයට සහභාගී වූවා.

තරඟාවලිය අවසානයේ පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේදී 5 වන ලෝක කැරම් ශූරතාවලියේදී ලෝක ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායමට හා අනුශූරතාව හිමි කරගත් ශ්‍රී ලංකා කාන්තා කැරම් කණ්ඩායමට කැලණිය විශ්වවිද්‍යාලයීය ශාරීරික අධ්‍යාපන අංශයේ උපහාර හා සමරු තිළිණ පිරිනැමීමක්ද සිදු කෙරුණා.

තරග ප්‍රතිඵල පහතින්

කණ්ඩායම් පිරිමි –
1.මොරටුව විශ්වවිද්‍යාලය (මනුක අශේන්, කේ.එල්.එස්.වී. ලියනගේ, එච්.පී. එරංග, එච්.ඩී.එස්.රණවික්‍රම, එන්.ජී.ටී.ඩී.සුමනසේකර,කේ.ඩී.එස්.මාධව, එච්.පී.යූ.ඩී. එදිරිසූරිය, එස්.කේ.එම්.එන්. සුදුසිංහ),
2. විවෘත විශ්වවිද්‍යාලය (සඳුන් තාරක, එච්.එම්.ඊ.ජේ.බී. හේරත්, එල්.ජී.එස්.එම්. තුන්දෙනිය, ශානක නදීශ පෙරේරා, ටී. චරිත් නිලංක, දිලූෂ ඩිල්රුජිත් සිල්වා,චතුරංග දිල්රුක්ෂ හතුරුසිංහ, එම්.ඒ.එම්.එස්. කුමාර),
3. කැලණිය විශ්වවිද්‍යාලය (ප්‍රමේධ මෙන්ඩිස්, ආර්.එස්.සී.එන්. කුමාර, එම්.ඩී.එස්.එල්. රත්නසිරි, එම්.සී.එස්. මධුවන්ත, ජී.ඒ.එන්.අයි. කරුණාරත්න, ඩී.එම්.ඩී.සී.එම්. දිසානායක, ජී.ඩී.එල්. මදුශංක, සී.එස්.ඩී. ප්‍රනාන්දු)

කණ්ඩායම් කාන්තා –
1.කොළඹ විශ්වවිද්‍යාලය (එම්.ඒ.එල්.ඒ. පෙරේරා, පී.එන්.ටී.ජේ. ප්‍රබෝධ්‍යා, එන්.වී.ඩී. නදිරාජි, කේ.පී.එල්.පී.එස්.ආර්, කුමාරි, ඩී.එම්.එච්.එස්. දිසානායක, ඩබ්ලිව්.ඒ.බී.එන්. නිරෝෂනී, ඩබ්.ඒ.එම්. කල්පනී, ඒ.එෆ්.ඉසෙඩ්. මොහොමඩ්),
2. මොරටුව විශ්වවිද්‍යාලය (ඒ.ඩී.ඩී.කේ. නන්දදාස, එච්.එම්.එස්.එම්. හේරත්, ටී.ඩී.එන්. මදුශානි, එල්.එල්.සී.එච්.ආර්. ද සිල්වා, ඩබ්ලිව්.ජී.ඒ. දිල්ශානි, එච්.ජී.එච්.වී. රත්නසිරි, ඩබ්ලිව්.සී.යූ. දිසානායක, කේ.ඩබ්ලිව්.ඩී. ජයසිංහ),
3. වයඹ විශ්වවිද්‍යාලය (එස්. නාතුරාජා, ආර්.ඒ.එච්. කුලරත්න, එච්.එම්.ඕ.එස්. ගුණපාල, ඩබ්ලිව්.එම්.ඒ.එම්. වීරසූරිය, පී.ජී.ඩී.එම්. සෝමරත්න, පී.එම්.එම්.එච්. ගුණවර්ධන, කේ.සී.එන්. විජේකෝන්, ඩබ්ලිව්.ඒ.ඩී. මධුෂිකා)

Comments