මෘත ශරීරයක් වළදැමීමේ සිද්ධියක් හේතුවෙන් තෙවරප්පෙරුමට දඩුවම්

3

අධිකරණ නියෝගයක් කඩකිරීමේ චෝදනාව මත නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සැප්තැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද(10) නියෝග කළේය.

පෞද්ගලික ඉඩමක බලහත්කාරයෙන් මෘත ශරීරයක් වළදැමීමේ සිද්ධියක් සම්බන්ධවයි.

ඉකුත් අගෝස්තු 19 වැනිදා මතුගම, නෑබඩ ට්‍රෝඩ් වත්තේ සේවකයකුගේ මළ සිරුරක් එම වතුයායේ භූමදාන නොකරන ලෙසට එහි හිමිකරු සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය තහනම් නියෝගයක්ද රැගෙන එම ස්ථානයට පැමිණ සිටියේය.

එහිදී එතැනට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අදාළ තහනම් නියෝගය ද නොතකමින් සිරුර එහි භූමදාන කිරීමට මැදිහත් විය.

එම සිදුවීම සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස්දෙනෙකුට එරෙහිව තෙබුවන පොලිසිය  අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ අතර ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා අද අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා මෙලෙස නිවසින් පිටත්ව ගියා.

අනතුරුව අධිකරණ සංකීර්ණයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහුට අදාළ නඩුකටයුත්ත ආරම්භ වීමට ප්‍රමාදවීම නිසා අධිකරණ සංකීර්ණ මුරකුටියේ නිදා සිටි ආකාරයයි මේ.

අනතුරුව නඩුව කැඳවූ අවස්ථාවේදී අමාත්‍යවරයා ඇතුළු පස්දෙනා ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

Comments