මුහුදේ සුළං වේගය ඉහළට

3

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ පළාත්වල සහ යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට අද දිනයේත් වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම, සෙසු පළාත්වල ද පස්වරු 2න් පසුව මිලිමීටර් 75ක පමණ වැසි අපේක්ෂා කළ හැකියි.

Comments