මුරලි හා දිල්ශාන් යලි ලංකා කණ්ඩායමට

3

ඒ අනුව එළැඹෙන වසරේදී පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය ඉදිරියේදී වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඒ ස¼දහා ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී  ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් දේශය සහ ඉන්දියාව නියෝජනය කරමින් හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම වර්තමානයේ ඉන්දියාව නියෝජනය කරන ක්‍රීඩකයන්ද සහභාගි වීමට නියමිතය. එහිදී ශ්‍රී  ලංකාව වෙනුවෙන් මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න දිල්ශාන්ගේ සහභාගිත්වය මේ වන විටත් තහවුරු කර අවසන් බවද එම වාර්තාවන්වල දක්වා තිබිණි. 

එමෙන්ම දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් සහ ජැක් කලීස් ද මෙම තරගාවලිය සඳහා තම සහභාගිත්වය මේ වන විටත් තහවුරු කර තිබීමද කැපීපෙනේ. තවද ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් එරට හිටපු සුපිරි වේගපන්දු යවන්නකු වන බේ‍රට් ලී තමන් මෙම තරගාවලිය සඳහා සහභාගි වන බව සඳහන් කර තිබිණි.

බටහිර ඉන්දීය කොදෙව් දේශය වෙනුවෙන් හිටපු සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා සහ ශිවනරීන් චන්ද්‍රපෝල් ‘මාර්ග ආරක්ෂණ ලෝක විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය’  සඳහා සහභාගි වීමට නියමිත අතර ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් මෙම තරගාවලියේ සන්නාම තානාපති වශයෙන් කටයුතු කරයි. ඊට අමතරව හිටපු ඉන්දීය පිතිකරු විරේන්ද්‍ර ශෙවාග් ද මෙම තරගාවලිය වෙනුවෙන් තම දායකත්ව සැපයීමට නියමිතය. 

ලොව පුරා පැවැත්වෙන විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලි ආකෘතියට අනුකූලව විශේෂ මූල්‍ය අනුග්‍රාහකයන්ගේ සහයෝගය ඇතිව පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම ‘මාර්ග ආරක්ෂණ 

ලෝක විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය’ සඳහා ලොව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් 110 දෙනකු තම සහභාගිත්වය මේ වන විටද තහවුරු කර අවසන් බවද එම මාධ්‍ය වාර්තාවන්වල වැඩිදුරටත් දක්වා තිබිණි. කෙසේ වෙතත් මෙහි පළමු අදියරේදී ඉහත සඳහන් කළ ටෙස්ට් වරම් හිමි රටවල හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පමණක් මෙම තරගාවලිය සඳහා සම්බන්ධ කර ගැනීමද විශේෂත්වයකි.

Comments