මීගමුවේ නිවසක් තුල අභිරහස් මළ සිරුරක්

3

මීගමුව පොලිස්වසමේ දළුපොත සිරකදවුර පාරේ සාලිස් මාවතේ නිවසක් තුලතිබු අභිරහස්ලෙස මියගිය කාන්තා මළසිරුරක් මීගමුව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් පමණවන දීපිකා නමින් හදුන්වන කාන්තාවකි. අරක්කැමියෙකු බවකියන රොෂාන් නැමැත්තෙකු සමග මියගිය කාන්තාව කුලී නිවැසියන් ලෙස නිවසේ පදිංචිව සිට ඇති බවත් රොෂාන් නැමැත්තා මේ වනවිට අතුරුදහන්ව ඇති බවත් පොලිසියේ ආරංචිමාර්ග පවසනවා. 

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව නිවස තුල තිබු මළසිරුර සොයාගෙන ඇති අතර එය දිනකිහිපයකට පෙර සිදුවූ මරණයක් බවට පොලිසිය සැකකරයි.

මෙය මිනීමැරුමක් බවට සැකකරන පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා

Comments