මිල සූත‍්‍ර වෙනුවට කාම සූත‍්‍ර

9

මේ දිනවල රටේ කවර තරාතිරමක හෝ දේශපාලනඥයන් ගතකරන්නේ අතිශය පීඩනකාරී පසුබිමකය.

ඊට පක්‍ෂ විපක්‍ෂ බේදයක් නැත.

කලකට ඉහතදී මැතිවරණ කොමසාරිස්වරයා හැටියට කටයුතු කළ දයානන්ද දිශානායක මෙවැනි පීඩනකාරී තත්ත්වයක් හැඳින්වූයේ ‘ආතතිය’ නමිනි.

දැන්, මේ දරාගත නොහැකි ආතතිය නිසාමදෝ දේශපාලනඥයන් ‘විෂය බාහිර’ ක‍්‍රියාකාරකම් වලට යොමු වී ඇති බවක් පෙනේ.

පෙරේදා (20) දා මුල් පුවත හැටියට පළ වූයේ ‘බස්නාහිර පළාත් සභාවේ අයවැය ඉදිරිපත් කරන මොහොතේ මන්ත‍්‍රීලා බ්ලූ බලමින්’ සිටි බවය.

අයවැය යනු මේ මොහොතේ බරපතළ දේශපාලන කාරණයක් බවට පත්ව තිබේ.

එය මධ්‍යම ආණ්ඩුව, පළාත් සභා කියා වෙනසක් නැත. මොළේ කොලොප්පන් වන දේශපාලන සංසිද්ධීන් ගණනාවකට රට මුහුණ පා තිබේ.

එහෙම තත්ත්වයක් තුළ මන්ත‍්‍රීවරු සිය ‘ටෙන්ෂන්’ (ආතතිය) මඟ හරවා ගැනීමට පොඩි ”ෆන්” එකක් ගැනීම වරදක් නොවන බවට කෙනකුට තර්ක කළ හැක.

එහෙත් බස්නාහිර පළාතට පමණක් නොව රටටම බලපානු ලබන වැදගත් කාර්යයක්, එනම් අයවැය ඉදිරිපත් කිරීමක් අතරතුර එවැනි වගකීමෙන් තොර හැසිරීම් රටාවක යෙදුණු අය ගැන තක්සේරුව ඊට වඩා වෙනස් එකක් විය යුතුය…..

Comments