මානසික ආතතිය නිසා මැක්ස්වෙල් කණ්ඩායමෙන් ඉවත්වෙයි

2

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් තාවකාලිකව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන තිබෙනවා.

ඔහුට පවතින මානසික සෞඛ්‍ය ගැටළුවක් හේතුවෙන් මෙලෙස ක්‍රීඩාවෙන් සමුගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව ඊයේ පැවති අවසන් තරඟයෙන් පසුව ඔහු මෙලෙස තාවකාලිකව සමුගෙන තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් කණ්ඩායමේ මානසික වෛද්‍යවරයා සඳහන් කරන්නේ මෙම මානසික පීඩනයට හේතුව සොයා එයට පිළියම් කරනතෙක් මැක්ස්වෙල් හට තාවකාලික සමුගැනීමක් අවශ්‍ය බවයි.

Comments