බිග් බී ගේ කෙරුවාවට 1398 දෙනෙකු ඔහුගේ ගෙදරට

5

ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් විසින් එරට ගොවීන්ගේ රුපියල් මිලියන 40ක ණය මුදල් ගෙවා දමා ඇති අතර හෙට (26) වැනිදා එම ගොවීන් “මිහිපිට දෙවියා” මුණ ගැසීමට මුම්බායි වෙත පැමිණීමට නියමිතය.

ණය ගෙවීම් පිළිබඳ ලිපි ලේඛන තමන් අතින්ම ගොවීන් වෙත ලබාදීමට කැමැති බව පවසන බච්චන් සියලු ගොවීන් මුම්බායි වෙත ගෙන්වා ගැනීමට අපහසු බැවින් දුම්රියක් වෙන් කර එයින් 70 දෙනකු ගෙන්වා එම බැංකු ලේඛන ඔවුන් අතට පත් කිරීමට සූදානම් වෙයි.

පසුගියදා අමිතාබ් බච්චන් සිය වෙබ් අඩවියේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, තමන් ගොවීන් 1398 දෙනෙකුගේ ණය ගෙවා දමමින් ඔවුන් ආරක්ෂා කළ බවය. එය “යුතුකම් ඉටු කිරීමක්” ලෙස තමන්ට දැනෙන බව ඔහු සඳහන් කර තිබිණි.

එම ගොවීන් සියලු දෙනා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචිකරුවන් වන අතර එය අමිතාභ් බච්චන්ගේ උපන් ප්‍රදේශයයි.

ඉන්දියාවේ දස දහස් ගණනක් ගොවීහු ණය බරින් මිරිකී සිටින අතර තමන් මුහුණදෙන ගැටලු හේතුවෙන් 1995 වසරේ සිට මේ දක්වා ගොවීන් 300,000 ක් පමණ සියදිවි හානි කරගෙන තිබේ.

මේ වසර මුල දී ද අමිතාබ් බච්චන් මුම්බායි නගරය අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගොවීන් 350 දෙනෙකුගේ ණය ගෙවා දැමීය.

Comments