බිග්බෝස් ජය දීපිකාට

7

12 වැනි වතාවට පැවති ‘බිග්බොස්’ රියැලටි තරගය පසුගිය සති අන්තයේදි නිමාවට පත් විය.

පුරා මාස තුනක කාලයක් තිස්සේ පැවැත්වෙන මෙම රියලටි තරගය සඳහා ඉන්දියාවේ ජනප්‍රිය තරු 10ක් සහභාගි වී සිටි අතර, ඔවුන්ගෙන් මෙව ජයග්‍රාහිකාව ලෙස තේරි පත් වුයේ රූපවාහිනි නිළි දීපිකා කක්කර්ය.

අවසන් තරග වටයට ඇය සමගින්, කරන්වීර් බෝරා, රෝමි චෞද්‍රිරි, ක්‍රිකට් ක්‍රිඩක ශ්‍රිෂාන්ත් තරග වැදුණහ.

මෙවර ‘බිග්බොස්’ ජයග්‍රාහිකාවට ඉන්දීය රුපියල් මිලියන 5ක මුදලක් හිමි වු අතර, වැඩසටහන මෙහෙය වූ සල්මාන් ඛාන් අතින් තවත් රුපියල් මිලියන 2ක මුදලක් ඇයට ලබාදුන් බව සඳහන් වේ.

මේ වසරේ සිට මෙම ‘බිග්බොස්’ රියලටි වැඩසටහන නොපවත්වන බවටද තොරතුරු වාර්තා වන්නේය.

Comments