පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වලට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය අත්‍යාවශ්‍යයි – අකිල

3

ඉදිරියේදී කිසිදු පෞද්ගලික හෝ ජාත්‍යන්තර පාසලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිව ආරම්භ කිරීමට ඉඩ ලබානොදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප‍්‍රකාශ කළා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද පැවති ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප‍්‍රදානෝත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මෙහිදී ඌව, පේරාදෙණිය, නිල්වලා, රුහුණු, රුවන්පුර යන ජාතික අධ්‍යාපන පීඨවල ඉගෙනුම ලැබූ ගුරුවරුන් 2365 දෙනෙකුට ඩිප්ලෝමා පිරිනැමුණා.

Comments