පොල් මිල අසාමාන්‍ය ලෙස පහලට

11

මාතර දිස්ත්‍රික්කයේ පොල් මිල ඉතා සීග්‍ර ලෙස පහත වැටීම නිසා පොල් වතු හිමියන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා ඇතැයි ඔවුන් පවසයි . විශේෂයෙන්ම මේ දිනවල මාතර දිස්ත්‍රික්කයේ  වෙළෙඳ පොළේ පොල් ගෙඩියක මිල සාමාන්‍ය පොල් ගෙඩියක් රුපියල් විස්සක් වන අතර ප්‍රමාණයෙන් විශාල පොල් ගෙඩියක් රුපියල් 25 වැනි උපරිම මුදලකට අලෙවි වීම නිසා මෙම අර්බුදකාරී තත්ත්වය ඇතිවූ බව පොල් වතු හිමියන් පවසයි.  

වෙළඳපොලේ සාමාන්‍ය සිල්ලර මිල එවැනි මුදලක් වුවද තොග වශයෙන් පොල් අලෙවි කිරීමේ දී ඉතා අඩු මුදලකට පොල් මිලදී ගැනීමට වෙළෙන්දන් පෙලඹෙන බවට  පොල් වතු හිමියන් පවසයි .  බෙලිඅත්ත ප්‍රදේශයෙන් එන පොල් මිල සීඝ්‍ර ලෙස අඩුවීම මීට බලපාන ප්‍රධාන හේතුවයි . මීට සමානව කොප්පරා මිලදී ගැනීම ද අඩු වී ඇතැයි පවසන පොල් වෙළදුන් ඔවුන් පවසන්නේ කොප්පර මිල ඉතා සීග්‍ර ලෙස පහත වැටී ඇති බවයි. එහෙත් වෙළඳපොලේ ඇති පොල් තෙල් මිල සැලකිය යුතු අඩුවීමක් සිදුව නැතැයි ඔවුන් පවසයි .  මාතර මහජන පොලේ පාරිභෝගිකයන් පවසන්නේ  මතක ඇති කාලයකින් මෙලෙස පොල් මිල අඩුවීම සතුට සතුටු වන බවයි .  

හෙත් පොල් වතු හිමියන් පවසන්නේ  පොල් කැඩීමට ගසක රුපියල් සීයක් වැනි මුදලක්  දීමට සිදුව ඇති බවත්  පොල් ගස්වලට පොහොර දැම්ම නඩත්තු කිරීම සහ කාණු යෙදීම වැනි කටයුතු සඳහා දෛනිකව  වියදම් වන කම්කරු මුදල මේ තුළින් පියවා ගැනීමට නොහැකි බවයි .

Comments