පුද්ගලික බැංකුවක් කඩා ලක්ෂ විසිහතක් මංකොල්ලකයි

2

තිස්සමහාරාම පන්නිගමුව හන්දියේ පිහිටි පුද්ගලික බැංකුවක පිටු පස දොරකඩා එහි සේප්පුවේ තිබු රුපියල් විසිහත් ලක්ෂ එකොළොස් දහස් හත්සිය පනස් හතරක මුදලක් මංකොල්ල කා ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසනවා.

මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ පන්නිගමුව හන්දියේ පිහිටි සිමාසහිත ප්‍රාග්ධන සමුපකාර බැංකුවයි.

පසුගිය 29 වැනි සෙනසුරාදා දහවල් 2.40ට පමණ වැඩ අවසන්වීමෙන් පසු එහි සේවකයන් බැංකුව වසා ගොස් ඇති අතර පසුව එහි සේවකයින් පසුගිය (31) වනදා පෙරවරු 8.00ට පමණ නැවත බැංකුව විවෘත කර තිබෙනවා.

එහිදී බැංකුවේ පිටු පස දොර කඩා ගොඩනැගිල්ලට ඇතුළු වී සේප්පුව කඩා එහි තිබු මුදල් සොරකම් කරගෙන ගොස් ඇති බව දැක ඇති බවයි වාර්තා වන්නේ.

සොරකම සඳහා පැමිණි පුද්ගලයන් බැංකුවේ සවිකර තිබු CCTV කැමරාද වෙනත් අතකට හරවා ඇති අතර ගොඩනැගිල්ල තුළ ස්ථාපනය කර තිබු සීසිටිවි කැමරා පද්ධතියේ දත්ත ගබඩාවද සොරකම් කරගෙන ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම සොරකම සම්බන්ධයෙන් බැංකුවේ කළමනාකරු විසින් තිස්සමහාරාම පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි පොලිස් නිළධාරීන් කණ්ඩායමක් පැමිණ පරික්ෂණ ආරම්භ කර ඇත්තේ.

Comments