පිලියන්දල නිවසක් තුළ යුද හමුදා සෙබළෙකු ගෙල වැල ලා ගනී

5

පිලියන්දල බටුවන්දර ප්‍රදේශයේ නිවසකදී යුද හමුදා සෙබලෙකු ගෙල වැල ලා ගෙන සියදිවි හානිකරගෙන ඇත.

ඊයේ රාත්‍රී මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 24 හැවිරිදි හමුදා සෙබලෙකු බව පොලීසිය පැවසුවේය.

අනුරාධපුර ඇලගහපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම හමුදා සෙබලා යුධ හමුදා නිලධාරියෙකුගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිට ඇති බව සඳහන්.

එම යුධ හමුදා නිලධාරියාගේ නිවසේ දී අදාළ සෙබලා සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය සදහන් කළේය.
 
සියදිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිළියන්දල පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

Comments