ප්‍රභූ දකින නිරුවත සහ අඩ නිරුවත

12

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර කතාබහකට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමට බලාපොරොත්තු වෙන ප්‍රභු අපට සම්බන්ධ වුණේ මේ විදිහට.

ඔයා ගැන විස්තර කිව්වොත්?


මගේ නම ප්‍රභූ ධර්මසිරි. මගේ ගම මහනුවර. දැනට කොළඹ පෞද්ගලික බැංකුවක රැකියාවක් කරනවා. ඊට අමතරව නිරූපණ කටයුතුවලට දායක වෙනවා.


නිරූපණයට සම්බන්ධ වෙන්නේ කොහොමද?


නිරූපණයට සම්බන්ධ වෙලා දැනට අවුරුද්දක් විතර වෙනවා. මම ඇත්තටම නිරූපණයට ගොඩක් කැමතියි. ඒකයි මම ෆීල්ඩ් එකට එන්න හිතුවේ. අද ගොඩක් අය මේ ෆීල්ඩ් එකට එන්න බයයි. හොඳ තැනක් හදාගන්න බැරි වෙයි කියලා.


පැජන්ට් වලට ඉදිරිපත් වෙලා තියෙනවාද?


ඔව්. මම මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් ටුවරිසම් කියන පැජන්ට් එකට සම්බන්ධ වුණා. ඒකෙදි මට මේන් ටයිට්ල් එකක් ලැබුණා “අනන්තරා” කියලා. ඊට අමතරව බියුටිෆුල් ෆිගර් කියන ටයිට්ල් එකත් ලැබුණා. මේ මම සහභාගී වුණු පලමු පැජන්ට් එකයි. සහභාගී වුණු පලමු පැජන්ට් එකෙන්ම ජයග්‍රහණයක් ලැබීම ගැන සතුටුයි.


නිරූපණය පැත්තෙන් දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?


නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. තවම ඒවා එළිදක්වලා නැහැ.


ප්‍රභූ නිරූපණය පිළිබඳව හදාරලා තිබෙනවාද?


ඔව්. මම තවමත් නිරූපණය පිළිබඳව හදාරනවා. ශේඩ් මිරර් ඇකඩමි එකේ සහ බ්‍රයන් ක්‍රෙකෝවන් ඇකඩමි එකේ ඉන්නවා.


පවුලේ අය අය උදව් කරනවාද නිරූපණ වැඩවලට?


ඔව්. ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. ගෙදර අය මේ ෆීල්ඩ් එක ගැන සහ මම ගැන ලොකු අවබෝධයකින් ඉන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ.


නවක නිරූපණ ශිල්පිනියක් අඩ නිරුවත් හෝ නිරුවත් නිර්මාණවලට දායක වීම වැරදිද?


මුලින්ම කියන්න ඕනේ මොඩ්ලින් කියන්නේ අඩ නිරුවත් සහ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි. ලංකාවේ මිනිස්සුන්ටයි, නිරූපණ ක්ෂේත්‍රයටයි වැරදිලා තියෙන්නේ එතනයි. හැමෝම මොඩ්ලින් කියන්නේ මොකද්ද කියලා දැනගෙන ෆීල්ඩ් එකට එන්න ඕනේ. මොඩ්ලින් කියලා කියන්නේ අපි දෙයක් කරලා පෙන්නනවා කියන එකටයි. අපිට ලැබෙන දේ අපි නිරූපණය කරලා පෙන්නන්න ඕනේ. ඇඟේ කොටසක් පේන්නනවා කියන එක නෙවෙයි නිරූපණය කියන්නේ.


නිරූපණ ක්ෂේත්‍රයේ අද තත්වය කොහොමද?


මේ වෙද්දි නම් ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගොඩක් විවිධ හේතු නිසා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. නවක නිරූපණ ශිල්පිනියෝ ගොඩාක් අය ඉන්නවා. ඒ නමුත් හොඳ තත්වයක තියෙනවා කියලා කියන්න බැහැ.


ෆේස්බුක් සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ෆොටෝෂූට් ඔස්සේ ගොඩාක් දෙනා නිරූපණ ක්ෂේත්‍රයට එනවා නේද?


ඔව්. ෆේස්බුක් ඔස්සේ විවිධ ෆොටෝෂූට් හුවමාරු වෙනවා. හැබැයි එයාලා නිරූපණ ශිල්පිනියෝ නෙවෙයි. එයාලා නිරූපණය කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැහැ. ගොඩාක්ම ෆේස්බුක් හරහා හුවමාරු වෙන්නේ කලින් කතා කරපු නිරුවත් සහ අඩනිරුවත් ඡායාරූපනේ. ඉතින් ඒ අය කොහෙත්ම නිරූපණ ශිල්පිනියෝ වෙන්න බැහැ. ෆොටෝෂූට් එකක් කරපු පලියට මොඩ්ල් කෙනෙක් වෙන්න බැහැ. ෆීල්ඩ් එක ගැන දැනගෙන, හදාරලා තමයි මේ ෆීල්ඩ් එකට එන්න ඕනේ.


නිරූපණය වෘත්තීය කරගන්නද බලාපොරොත්තුව?


දැනට මම රැකියාවක් කරන ගමන් තමයි කරන්නේ. ලැබෙන හොඳ නිර්මාණවලට සහභාගී වෙනවා. හොඳ නිර්මාණත් එක්ක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.


අනාගත බලාපොරොත්තු ගැන කිව්වොත්?


මගේ රැකියාවෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. නිරූපණය පැත්තෙන් රටට නියෝජනය කරමින් හොඳ නමක් ගේන්න බලාපොරොත්තු වෙනවා

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ පවුලේ අයව. එතකොට මම සහභාගී වුණු පැජනට් එකේ නැෂනැල් ඩිරෙක්ටර් වන මලිත් රණසිංහ, නිලූ සේනානායක සහ අර්ජුන් සේනානායක, එතකොට Mr. දෙනිපිටිය සහ මට වචනයකින් හරි උදව් කළ හැම දෙනාම ආදරයෙන් මතක් කරනවා.

Comments