පකිස්තානු සංචාරය නවතීද?

5

පාකිස්තානයේදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරග 3කට සහ විස්සයි _ 20 ක්‍රිකට් තරග 3කට සහභාගි වීමට නියමිත ශ්‍රී  ලංකා කණ්ඩායම් ඊයේ (11දා) ක්‍රිකට් ආයතනය මඟින් නිවේදනය කළා.

ඒ අනුව එම සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී  ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ළහිරු තිරිමාන්න හට හිමිවී ඇති අතර, විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක හට හිමි වී තිබීම කැපීපෙනෙන සිදුවීමකි.

එක්දින සහ විස්සයි-20 සංචිතය සඳහා නවක කඩුලු රකින්නකු වන මිනෝද් භානුක කැඳවා ඇති අතර, විස්සයි-20 සංචිතය සඳහා පළමු වරට භානුක රාජපක්ෂ කැඳවා තිබීමද විශේෂත්වයකි. 

එක්දින සංචිතය – 

ළහිරු තිරිමාන්න (නායක), ධනුෂ්ක ගුණතිලක, 

සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, 

ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, 

ඇන්ජෙලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, 

නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර.

විස්සයි-20 සංචිතය _ 

දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, 

සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, 

න්ජෙලෝ පෙරේරා, භානුක රාජපක්‍ෂ, මිනෝද් භානුක, 

ළහිරු මධුසංක, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, 

ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර

කෙසේ වෙතත් 27 වනදා  සිට ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරඟාවලිය ඉලක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට නිල නොවන ආරංචි මාර්ග තොරතුරු සපයා තිබෙනවා.

මේ හේතුවෙන් ලංකා කණ්ඩායම එහි යාමට පෙඅ විශේෂ ආරක්ශක විමසා බැලීමක් සිදු කරන ලෙසයි ජනාධිපති කාර්‍යාලය විසින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබෙන්නේ.

කෙසේ වෙතත් මෙම තොරතුරු ජනාධිපති කාර්‍යාලය වෙත නිල නොවන ආරංචි මාර්ගයක් ඔස්සේවාර්තා වී ඇති බව සඳහන්.

ඊට අදාල මාධ්‍ය නිවේදනය පහතපරිදී වනවා.

කෙසේ වෙතත් පකිස්තානු ක්‍රිකට් ආයතනය පවසා තිබෙන්නේ එරට ආරක්ෂාව මෙම තරඟාවලිය සඳහා තර කර ඇති බවත් , මේ හේතුවෙන් තරඟයට සහභාගී වීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායමට බියක් ඇතිකරගත යුතු නොවන බවයි 

Comments