පක්ෂවල සුදුස්සාට සුදුසු තැන ලැබෙනවාද යන්න ගැටළුවක් බව සජිත් කියයි

3

2025 වන විට රටේ දහම් අධ්‍යාපනය ලබා දෙන සියලුම ආගමික සිද්ධස්ථානවල ගොඩනැඟිලි අඩුපාඩු සම්පුර්ණ කර දෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද(13) රත්මලාන ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ නැගී එන පුද්ගලයන්ට ගහන්න පුළුන් ලොකුම පහරවල් ගහන එක දේශපාලන සමාජන තුළ කැපී පෙනෙන දෙයක් බවයි.

එමෙන්ම දක්ෂයින්ට දක්ෂකම් පෙන්වීමේ හැකියාව පුද්ගලිකත්වය මත අහිමි වන බවත් රටේ ජන හා දේශපාලන සමාජ තුළ කුහකත්වය වැඩි වශයෙන් ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ විවිධ අවස්ථාවලදී දෙශපාල පක්ෂවල සුද්සාට සුදුසු තැන ලැබෙනවාද යන්න ගැටළුවක් බවයි.

Comments