පක්ෂයේ ජරමර අස්සේ රනිල් මහනුවර ගිහින්

4

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිපාණන් වහන්සේ බැහැ දුටුවා.

මල්වතු මහා විහාරයට පැමිණි ඒ මහතා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක උන්වහන්සේ සමඟ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි  රනිල් වික්‍රමසිංහ එහිදී මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟ ද සාකච්ඡාවක නිරත වුනා.

මෙම සාකච්ඡාව මාධ්‍යට විවෘත නොවුණු අතර සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි ඒ මහතා තමන් අග්‍රාමාත්‍යධුරය හෙබවූ  සමයේ මහනාහිමිපාණන් වහන්සේ ලබාදුන්  දායකත්වයට කෘතවේදීත්වය පළ කිරීම සඳහා පැමිණි බව සඳහන් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව මහා නායක හිමියන් සමඟ සාකච්ඡා වුණු බවත් පක්ෂයේ වෙනස්කම් කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ සිදුවන බව මෙහිදී සාකච්ඡා වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය තිලිණ බණ්ඩාර තෙන්නකෝන් , එම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම , හිටපු පළාත් සභා මන්ත්‍රීනි ශාන්තිනී කෝන්ගහගේ ද මේ අවස්ථාවට එක්වී සිටියා.

Comments