නුවර අහස යට ක්‍රිකට් උපන් රටට සුවිශේෂ තෑග්ගක්

62

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් නුවර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ලකුණු 57ත ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයහිමිවූයේ එංගලන්ත කණ්ඩායමටයි.

2001 වසරෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ලැබූ පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය මෙය වීමත් විශේෂත්වයක්.

ලකුණු 301ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රි ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 243ක් පමණයි.

දෙවන තරඟයේ පස්වන සහ අවසන් දිනය වූ අද ලකුණු 74ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේ ජයග්‍රහනය පෙනි පෙනී පරාජයට පත් වීමටයි.

ඊයේ දිනයේ තරඟය නතර කරන විට ශ්‍රී ලංකා පිල කඩුලූ 7ක් දැවී ලකුණු 226ක් ලබා සිටියා.

අද පෙරවරුවේ තරගය ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුළු 03 දැවී ගියේ ලකුණු 17තුලයිි. ඒ අනුව ශ්‍රී ලංකා පිලට දෙවන ඉනිම සඳහා ලබාගත හැකි වූයේ ලකුණු 243ක් පමණයි.

එංගලන්ත දෙවන ඉනිම ලකුණු 346 කට සීමා වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා පිලට ලකුණු 301 ක ඉලක්කයක් හිමි වුණා.

ශ්‍රී ලංකාව සමඟ පැවති එක්දින තරඟාවලිය සහ විස්සයි විස්ස තරඟය ද ජයගනු ලැබුවේ එංගලන්ත කණ්ඩායමයි.

තරඟයේ සම්පූර්ණ ලකුණු සටහන පහතින්.

 

 

 

Comments