නුගේගොඩ කාන්තා ඝාතනයට අත්අඩංගුවට සැකකරු මොරටුව සහ නවගමුව අභිරහස් ඝාතනවලට සම්බන්ධයි ?

18

නුගේගොඩ – පැලවත්ත පාර ප‍්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුකර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

නවගමුව සහ මොරටුව – එගොඩඋයන යන ප‍්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතනවලට මොහු සම්බන්ධ බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක්.

පැල්වත්ත පාර ප‍්‍රදේශයේදී නිවසකදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඊයේ දහවල් ඝාතනය කර තිබූ අතර, එහිදී තවත් කාන්තාවකටද තුවාල සිදුව ඇති බවයි මිරිහාන පොලීසිය සඳහන් කළේ.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Comments